ආදරණීය කොකෝ, ඔයා දුක්විය යුතු නැහැ. ඔයා හෙට ඇහැරලා බලනකොට හෙට කියන්නේ අද වගේම තවත් එක් දවසක් විතරයි. - page 213
ඒක හරියට කකුලෙ තියන කුෂ්ඨයක් බූට් සපත්තුව ගලවන්නේ නැතුව හොයන්න යනවා වගේ නොගැළපෙන, අසම්පූර්ණ හැඟීමක්. - page 225
මට ඕන වුණේ නෑ ඒ කතා අහන්න. මට ඕන වුණේ හුළං රැල්ලක් වගේ එතනින් අතුරුදහන් වෙලා ආපහු, මම කලක් අයිති වෙලා හිටපු තැනට යන්න. - page 288
"ඔයා කවුද?" ඇය පහත් හඬින් ඇහුවා. මගේ හදවත කලබල වෙලා වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. කරුණාව සහ වේදනාව මුසුවුණු හැඟීමක් මාව ගිලගත්තා. මේ හෙම්බත් වුණු, අසරණ වුණු කාන්තාවට උත්තරයක් දීගන්න බැරුව මොහොතකට මම ගොළු වුණා. මම කවුද? ඇත්තටම මම කවුද? - page 320
මූසල ලෙස ඇදහැලෙන ශීත ඍතුවේ හිරිපොද වැස්ස ඔබේ දිව අග තිත්ත රසයක් ඉතිරි කරනවා. වාතයේ තියන තෙත් ගතිය ඔබව මොළයට යනකල්ම කුණුකරලා දානවා. - page 104
"මට නිතරම පේනවා සූරියකාන්ත පැළයක් පෝච්චියක හිටවපු කාමරයක්. ඒකෙ මල පරවෙලා ඇට ටික හැමතැනම විසිරිලා ගිහින් තව තවත් සූරියකාන්ත මල් හැදෙනවා. ඒක හරිම භයානකයි." - page 123
කොහොම වුණත්, හැමතිස්සෙම ගේ ඇතුලට වෙලා ඉන්න එකත් හරිම පීඩාකාරියි. ලිවීම, නිහඬබව, සිහින, කල්පනා ලෝකය කියන දේවල් වලට පුළුවන් කෙනෙකුව උමතු බවේ අද්දරටම ගෙන එන්නට. - page 97
හැබැයි එකේ පාට වලට නම් මම වශී වුනා. අර ආලෝක කිරණ එකටෙක ගැටෙන ගමන්ම එකටෙක ආකර්ශණය වෙන ගතිය හරිම අපූරුයි. වෙන චිත්‍රපටියක නම් ඔය වගේ වර්ණ සංකලනයක් මම දැකලම නැති තරම්. වෙනකක් තියා රෙදි කඩේකවත්. - page 252
මම අතපය දික්කර කර කතා කරද්දී විරුධද පැත්තේ බිත්තියේ උඩ හෙවණැලි නාට්‍යයක් මැවෙන්න පටන් ගත්තා. - page 27
මිනිහෙක්ව දවස් හතරක් කාමරේක දාලා වහල තිබ්බොත්, කැටපෝලෙකින් ගලක් විදිනවා වගේ, ඒ කාමරේ පුංචි කවුළුවකින් හරි එළියට පැනලා යන්න තරම් ආවේගයක් ඒ මිනිහගේ හිතේ ඇතිවෙනවා. - page 97
මම ගංතොටට ඇවිත් බෝට්ටුවකට නඟිනකොට අහස අමුතු කැත පාටකට හැරිලා තිබුණා. ඊයම් - අළුපාට වළාකුළු අහසේ තැන තැන එල්ලිලා තිබුනේ පරණ, කිළිටි, කපු පුළුන් බෝල වගේ. - page 170
ඒ හඬ මට ජීවිත කාලයටම මතක තියෙයි. හැබැයි කවදාවත් තේරුම්ගන්න බැරි වෙයි. - page 195
වෙන මිනිස්සු නම් මේ වගේ පවුලෙන් ඈත් වෙලා, තාපසයෙක් වගේ හුදෙකලාව ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණොත් ඒක යොදා ගන්නේ අගනා කලා කෘති නිර්මාණ කරන්න. ඒත් මම, ඕපියම් සුවඳ විලවුන් තවරගෙන, දවස් හතකුයි, රෑ හතකුයි තිස්සේ කාමරේ අස්සට වෙලා මැරිලින් මොන් රෝගේ විකාර සින්දු අහනවා. - page 205දවස් හතකට පස්සේ ආපු දුරකථන ඇමතුමකින් මම මේ ගැඹුරු නිද්‍රාවෙන් නැගිට්ටා. - page 205
මම දක්ශිණධ්‍රැවයට ගිහිල්ලා හැංගුණොත්, ඔහුට උවමනාවක් තියෙනව නම් ඔහුට පුළුවන් මාව හොයාගන්න. - page 214මේ ඔනෑම පුද්ගලයකුගේ ප්‍රීතීන් සහ වේදනාවන් කියන්නේ කාලයට කිසිම වැදගැම්මකට ඇති දේවල් නෙමේ. - page 216
පිටත බිත්ති කළුවර වෙන්න පටන් ගත්තා. බිත්තිවල තැඹිලිපාට එළි පත්තුවුණා. - page 221
තවත් තත්පර පහක් යන්න කලින් මගේ මනස යථා තත්වයට පත්වුණා. හරියට මගේ ශරීරයෙන් නිදහස් වෙලා ගිය ආත්මය ආපහු සිරුර තුලට ආවා වගේ. - page 223
මට තේරෙනවා ඒක කාගෙ හරි හදවතක් කියලා. ඒත් මට හිතාගන්න බෑ කවුද මේ වගේ අඳුරු ගුහාවක් අස්සට තමුන්ගේ හදවත විසි කළේ කියලා. - page 215
කාලගුණය එන්න එන්නම උණුසුම් වෙනවා. රැහැයියෝ පොප්ලර් ගස් අස්සේ ඉඳන් තොරතෝංචියක් නැතුව කෑගහනවා. - page 226
හරියට හිර කූඩුවක හිර කරල තියන හිරකාරයෙක් වගේ. කැලේ පිපිලා හුළඟට වැනෙන ලිලැක් මල් වගේ. පතුලක් පේන්නේ නැති වේදනා අගාධයක පීනන මාළු වගේ. - page 216
ඒත් මට හැමතිස්සෙම මං ගැන වරදකාරී හැඟීමක් දැනෙනවා. මට හිතෙන්නේ මම එයාගේ ඒ නපුරු හීනවලට තවත් කොටසක් එකතු කළා කියලයි. - page 211
මට තේරෙනවා ඒක කාගෙ හරි හදවතක් කියලා. ඒත් මට හිතාගන්න බෑ කවුද මේ වගේ අඳුරු ගුහාවක් අස්සට තමුන්ගේ හදවත විසි කළේ කියලා. - page 215